අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ .
පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මීටියාගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි .