අද (04) උදෑසන 6.10ට පමණ කඳාන පියෝ මාවත ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර T56 ගිනිඅවියකින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ බව සදහන්.
අදාළ නිවස ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර සැකකරුවන් ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇතිවූ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
ඩුබායි හි සැඟව සිටින හීනටියන මහේෂ්, කඳානේ චූටිමල්ලි සහ ගම්පහ වරුණ නමැති පාතාල ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තවදුරටත් තොරතුරු අනාවරණය වේ.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ අයිතිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































