මීගොඩ නඩුහේන හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවි සැලක අද (30) උදෑසන ඇති වූ ගින්නකින් එම වෙළද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වේ.
වෙළදසැල ගිනිගන්නා අවස්ථාවේදී පොලිසියේ නිලධාරින් අසල්වාසින් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස එක්ව වෙළදසැලෙහි තිබූ දැව භාණ්ඩ කොටසක් සහ තිනර් බැරල් ගණනාවක් පිටතට ගැනිම හේතුවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එහි පැමිණ ගින්න ව්‍යාප්ත වීම නවතාලීමට කටයුතු කර ඇති බව සදහන්.














































