දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.
කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් , ඌව පළාතේ අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ය.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































