සැක කටයුතු ලෙස හමුදා කඳවුරක් අවට සැරි සරමින් සිටි සෙබළෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා දොඩංගොඩ යුධ හමුදා කඳවුරේම සේවය කරන වයස අවුරුදු 42ක පුද්ගලයෙකි.
කෙසේ වෙතත් මෙම සැකකාර සෙබළා පරීක්ෂා කිරීමේදී ඔහු කාන්තා යට ඇදුම් ඇඳ සිට ඇති බව සඳහන්.
ඔහු මේ ආකාරයෙන් හැසිරීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් අගුරුවාතොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































