දුම්රිය මාර්ගයේ සිඳු වන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිඳු වන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණක් වන අතර අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ජුලි මස 15 වන දින වනවිට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවන බව මහව – ඕමන්ත දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂ අශෝක මුණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
 
	    	



























 
		    


















