උසස් පෙළ සමත් වූ නමුත් විශ්ව විද්‍යාල වරම් අහිමි වූ සිසුන් සඳහා ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ හත්වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ලබන අඟහරුවාදා දින ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සඳහා 2019 / 2020 / 2021 යන වර්ෂයන් වලදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමතුන් හට අයදුම් කළ හැකි බවත් , එම අයදුම්පත් www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එමෙන්ම ඉහත සඳහන් කළ වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලන කර අදාළ සියලු තොරතුරු ලබා ගත හැකි බවත් , මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීමට 070 – 3555970 යන දුරකථන අංකය භාවිතා කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.














































