යම් අයෙකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් එවැනි ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වතුකරයේ වූ සිද්ධියකදී මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවත් , එවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි වතුකරය ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ය.














































