පළමු පාසල් වාරයේ අවසානය සහ දෙවන පාසල් වාරයේ ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජුලි මස 21 වනදායින් අවසන් වන බවත් , දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජුලි 24 වනදායින් ආරම්භ වන බවත් වාර්තා වේ.