කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ කාලය තුළ ඇති වන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කොහුවල මංසන්ධිය හරහා ගමන් කරන සියලුම රථ වාහනවලට පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන බව සඳහන්.
ඒ අනුව ඊයේ (01) දින සිට ලබන 31 වන දා දක්වා කාලය තුළ රථ වාහන ගමන් කිරීම සිමා කරන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
එම නිවේදනයට අනුව හොරණ දෙස සිට කොළඹ දෙසට ඇතුල් වීමේ දී 120 මාර්ගයේ පැපිලියාන හංදියෙන් දකුණට හැරී ඉදිරියට යන විට ගම්සභා හංදිය හමුවන අතර එම හංදියෙන් වමට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹට පැමිණිය හැකි බවත් , හොරණ දෙස සිට කොළඹට ඇතුලු වන වාහන කොළඹට ඇතුල් වීමේ දී පැපිලියාන හංදියෙන් වමට හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කර දෙහිවල හංදියෙන් දකුණට හැරී ගාලුපාර ඔස්සේ කොළඹ දෙසට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.














































