රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලුව ද එයට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවයකට පැමිණීම උදෙසා මෙම සාකච්ඡාව පවත්වන බව සඳහන්.
එමෙන්ම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් දෙන්න යැයි ජනපති වෙත ඊයේ (31) දිනයේ ද ලිපියක් යොමු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































