අත්ලාන්තික් සාගරයේ 1912 වර්ෂයේ දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනය පුපුරා යාමට හේතුව සොයා ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එහි ප්‍රධාන විමර්ශණ නිලධාරි කපිතාන් නියුබවර් ප්‍රකාශ කළේ ටයිටන්හි මෙම පරීක්ෂණයෙන් අනාගත ඛේදවාචක වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි.
මෙහිදී මීට පෙර මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව අසල මීටර් 300ක වපසරිය තුළින් ටයිටන් යාත්‍රාවේ ප්‍රධාන කොටස් පහක් සොයාගෙන තිබූ බව සදහන්.