රාත්‍රී කාලයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත වන ආරක්ෂක නිලධාරීන් විසින් රථ වාහන නතර කළහොත් ඊට සහය දක්වන ලෙස පොලිසිය විශේෂ දැනුම් දීමක් කර තිබෙන බව වාර්තා වේ.
වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේ මාර්ග බාධකයක් හමුවේ නොනවත්වා ධාවනය වූ කුඩා ලොරි රථයක් නතර කිරීම සඳහා පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඉහත සදහන් කරන ලද ප්‍රදේශයේ යොදා තිබූ ක්ෂණික මාර්ග බාධකයක් හමුවේ කුඩා ලොරි රථයක් අණ නොතකා නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරියේ නිරත්ව සිටි නිලධාරීන් විසින් අහසට වෙඩි දෙකක් තබා තිබේ.













































