ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පවතින ගුරු පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සදහන්.
අමාත්‍යාංශය පවසා ඇත්තේ ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකර ඔවුන් තමා සිටි පෙර පාසල්වලම සේවය කරන බවට පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවයි.
කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාවය මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් ගුරුවරු හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක බවයි.