කීරි සම්බා සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්ය බවත් , පසුගිය 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා සහල් සදහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (07) සඳහන් කළ බව වාර්තා වේ.













































