සියලු දිවිපාර්ශ්වික ණය හිමියන්ගේ ණය සාකච්ඡා කිරීම සඳහා පූර්ණ හා කඩිනම් සහභාගීත්වය සඳහා යොමු කිරීමට එක්සත් ජනපදය සැලසුම් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඝානාව ලබා දෙන මූල්‍ය සහතිකවලට අනුකූලව ණය සහන ලබා දිය යුතු බව නව ගෝලීය මූල්‍ය ගිවිසුම් සමුළුවට සහභාගීවීමට පෙර පැරීසියේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙන රටවලට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතු බවත් , ශ්‍රී ලංකාව හා ඝානාව ලබා ගෙන ඇති ප්‍රගතිය සතුටුදායක බවත් , ඉන් ඇමෙරිකාව දිරිමත් කරන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































