විදේශ ගමන් බලපත්‍ර පහසුවෙන් ජනතාවට ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 50ක් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් , අයදුම්කරුවෙකුට දින තුනක් ඇතුළත තම විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“ගොඩක් අය කතා කරනවා පාස්පෝට් ප්‍රශ්නය ගැන. ඒ ප්‍රශ්නය විසඳන්න අපි ගොඩක් කටයුතු කළා. එකක් තමා අපිට තිබුණ ප්‍රශ්නය මුදල්වලට එපොයිමන්ට්ස් ගන්න එක. මුදල් ලබාගෙන එක එක්කෙනා එපොයිමන්ට්ස් ගන්නවා කියලා රු 20,000 – රු 25,000 වගේ. අපි ඒකට තීරණයක් අරගෙන අපේ බුද්ධි අංශයත් යොදවලා, ගිය සිකුරාදා 16 දෙනෙක් විතර අත්අඩංගුවට ගත්තා. ඊට කලිනුත් අපි එහෙම අත්අඩංගුවට ගත්තා. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකුත් අත්අඩංගුවට ගත්තා මේවට සම්බන්ධ. ඉතින් අපි දැඩි ක්‍රියාමාර්ග අරගෙන ඒක නවත්වනවා. අනිත් එක ඒ ප්‍රශ්නය විසඳන්න එන මාසයේ තැන් 50ක ඡායාරූප ගැනීම, ඇඟිලි සලකුණු වැනි දේවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරනවා. එතකොට කාටවත් මෙහෙට එන්න ඕනේ නෑ. දවස් තුනක් ඇතුළත කෙලින්ම පාස්පෝට් එක ගෙදරට එවනවා.
ඒ වගේම ඉදිරියේ දී ඊ පාස්පෝට් එක හඳුන්වලා දෙනවා. කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කරලා තියෙනවා. මේ වසර ඇතුළත දී ඊ පාස්පෝට් එක ලබාදෙන්න කටයුතු කරනවා.”