හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් අද (08) දිනයේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවයි.
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.













































