හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී ඇති බව වාර්තා වේ.
මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගය අසල පිහිටි කන්දක ගැටී පෙරළීගොස් අනතුර සිදුවී ඇති බව සදහන්.
අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා පමණක් රථයේ සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා තිබේ.














































