ඊයේ (15) පැවති ඉන්දියා – බංගලාදේශ තරඟය අතරතුර දී ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අක්ශාර් පටෙල්ගේ අතේ පන්දුවක් වැදී ඉන් ඔහු ආබාධයකට ලක් විය.
ඒ හේතුවෙන් ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා අක්ශාර් පටෙල් වෙනුවට වොෂින්ටන් සුන්දර් කැඳවනු ඇති බවට ” ක්‍රිකින්ෆෝ ” වෙබ් අඩවිය වාර්තා කර තිබේ .
සිදු කළ පරීක්ෂණ වලින් ඔහුගේ අස්ථි බිඳීමක් සිදු නොමැති වුවත් ඉදිරි පැය 24 තුළ අක්ශාර් පටෙල්ව තවදුරටත් නිරීක්ෂණය කරනු ඇති බව සඳහන් .













































