ඉතාලි ජාතික කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම සැකකරු පසුගිය දිනක උදෑසන රාජකාරී ස්ථානය කරා ගමන්කරමින් සිටි කාන්තාවකට මෙලෙස අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් , 25 හැවිරිදි වියේ පසුවන එම කාන්තාව සැකකරු විසින් බිම දමා උද්‍යානයක් තුළට ඇදගෙන ගොස් ඇති බවත් ය.
එම අවස්ථාවේ දී කාන්තාව කෑ ගසා ඇති අතර එහිදී අවට සිටි පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ සැකකරු පලාගොස් තිබේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙක් වන අතර එරට පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් .















































