සිංගප්පූරුවේ නව ජනාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තේරී පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජනාධිපති ධූරයට තේරී පත් වූ ධර්මන් ෂන්මුගරත්නම් 2011 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් , මුදල් , අධ්‍යාපන සහ මානව සම්පත් කළමණාකරණ අමාත්‍යවරයා ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසත් කටයුතු කළ බව සඳහන්.
හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වූ 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් ගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මොහු සමඟ තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි.