අද (13) අලුයම අක්මීමණ , කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුගේ හිසට පිහියකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මොහු තම නිවසේ සාලයේ බිම නිදාගෙන සිටිය දී අලුයම හතරට පමණ නිවසට ඇතුලු වූ නාඳුනන පුද්ගලයෙකු විසින් හිසට පිහියෙන් පහර දී ඝාතනය කර තිබෙන බවත් පිහිය මරණකරුගේ හිසේ තිබියදීම සැකකරු පලාගොස් ඇති බවත් අක්මීමණ පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කපුහෙම්පල කාතුහේනවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.