එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදු වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බව ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
චන්න ජයසුමන මහතා ,
” සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ.මොකද පිල් මාරුවීම් , ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20 යි 30 යි ඇතුළත වෙන්න පුළුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නෙ. හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ.රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොද දෙයක් කරනවා නම් ඒ සදහා අපේ සහාය හිමි වෙනවා. “














































