මෙරට නිෂ්පාදිත තිරිගු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවූ බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අද (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මහතා පවසා සිටියේ ,මිල වැඩිව ඇත්තේ ආනයනික තිරිගු පිටිවල පමණක් බවට තිරිගු පිටි නිෂ්පාදකයින්ගෙන් සිදු කළ විමසීමකදී සදහන් කළ බවයි.
ප්‍රශ්නය – පිටිවල රේගු බදු 3%කින් වැඩිවුණා.නමුත් වෙළෙදපොළේ පිටි මිල රුපියල් 10කින් වැඩිවෙනවා මොකද්ද මේ සූත්‍රය ?
“මේ පිළිබඳ ඉතාම වැරදි සහගත ප්‍රවෘත්තියක් යන බව තමා පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළේ. මම අදාළ සමාගම් දෙකෙන්ම ප්‍රධාන නිලධාරීන්ට දුරකථනයෙන් කතා කළා. මට වගකීමෙන් ප්‍රකාශ කරන්න කිව්වා, සත පහකින්වත් පිටි මිල වැඩි කරලා නැති බවත්, අනාගත මාස 6කට අවශ්‍ය පිටි තොග ඔවුන් සතුව පවතින බවත්, මෙරට නිෂ්පාදනය කරන පිටිවල මිල වැඩිවෙලා නෑ. ආනයනය කරන ඒවා තමා වැඩිවෙලා තියෙන්නේ.”













































