මෙරට දැනට පවතින විදෙස් සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවන්ට සහ රජයේ ඉලක්කවලට ළඟා වී ඇති බවත් , මේ වන විට ද්විපාර්ශ්වික ණය හැර සෙසු ගෙවීම් සිදුකරන බැවින් සංචිතවල වෙනස් වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“අපි සංචිත ඍණ වෙලා හිටියා. ඇත්තෙම නෑ. දැන් අපි ළඟ ඩොලර් බිලියන 3.6ක සංචිත ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම මේක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ඇති කරගත් එකඟතා ප්‍රමාණයත්, ඒ ඉලක්කවලටත් ළඟාවෙලා තියෙනවා. ඒ අතරේ අපිට සංචිත පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට රුපියලේ අගය වැඩිකර ගැනීම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් ණය ගෙවන්නේ නෑ කිව්වට එහෙම වෙන්නේ විදේශීය ද්විපාර්ශවික ණය පමණයි. අනිත් ඒවා ගෙවනවා. ඒ අවස්ථාවල විවිධාකාරයෙන් අපේ සංචිත කළමනාකරණය කරගන්න අපිට සිදුවෙනවා. ඒ ගැන කලබල විය යුතු නෑ. අපිට බැලිය යුත්තේ අපි හිටපු තැන සහ අද ඉන්න තැන. ඒ ගැන තමා අපි කල්පනා කළ යුත්තේ.”














































