ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙයට සහභාගී වෙමින් යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ .
ෆ්‍රැන්සිස් පාප්තුමා පවසන්නේ යුද්ධයෙන් සිදුවන්නේ ජීවිත හානි සහ විනාශය පමණක් බවත්, එයින් ලබන ජයග්‍රහණයක වටිනාකමක් නොමැති බවත් ය.















































