මෙරට පවතින ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ පැවති IMF ගිවිසුම පිළිබඳ විවාදයේ දී විශේෂ ප්‍රකාශයක් සිඳු කළ බව වාර්තා වේ.
තරඟකාරී සමාජ සාධාරණ වෙළඳ ආර්ථිකයක් , හරිත ආර්ථිකයක් සහ ඩිජිටර් ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත් , ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් සිටින බවත් , එය ඉදිරියට ගෙන යාමය නම් රටේ සියලු ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම 2019 වර්ෂයේ දී බදු කපා හැරිම නිසා මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් 4%ක් අහිමි වී ඇති බවත් , කොවිඩ් වසංගතය වැනි ගැටලු තුළින් පසුගිය වර්ෂයේ මාස තුනක් ඇතුළත රුපියල 40% කින් පිරිහී ගිය බවත් , මෙවන් පසුබිමක් තුළ තමන් ජනාධිපතිකම භාර ගත් බවත් , එසේ නොවුණා නම් රට විනාශයට පත් වන බවත් ජානාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන්.













































