ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනපතිතුමන් මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බළකායේ උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.
නවීන ආරක්ෂාව සදහා මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් මෙම ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනය ආරම්භ කරන බවට ජනපතිතුමන් වැඩිදුරටත් සදහන් කර තිබේ.














































