ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා උතුරු මුහුදු සීමාවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා ක්ලෝ ග්‍රෑම් 2090ක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු සහ වාහන දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මදුරෙයි පුදුකුලම් ප්‍රදේශයේ මහාපරිමාණ කේරල ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් කීරෙයිතුරෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පුදුකුලම් හි පොල් වත්තක නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර තිබේ. එම අවස්ථාවේදී එහි සිටි පිරිස තමන් සීනි රැගෙන යන බව පවසා ඇති අතර එහි තිබූ සීනි ගෝනි ඉවත් කර බැලීමේදී සීනි ගෝනි ලෙස සකස් කරන ලද සැකකටයුතු ගෝනි කිහිපයක් තිබී සොයා ගෙන ඇත.එම ගෝනි පරීක්ෂා කර බැලීමේ දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 2000කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































