මන්නාරම හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මත්පෙති තොගයක් වටලා තිබෙන බවට වාර්තා වේ.
මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමග ඒකාබද්ධව සිදුකළ මෙම වැටලීමේදී මන්නාරම සිලාවතුර නවතත්තාලුවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 16කට අධික වටිනාකමකින් යුත් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ව ගෙන්වන ලද මත්පෙති 111,000ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක වේ.