අද (23) කිලිනොච්චිය , පලෙයි , ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව වාර්තා වේ.
නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය මතුවී තිබේ. අනතුරුව ඒ පිළිබඳව ඉඩම් හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව සඳහන්.
එලෙස සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය අතරේ ආර්.පි.ජි උණ්ඩ 60 ක්, මිලිමීටර 40 වර්ගයේ මෝටාර් උණ්ඩ 24 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තිබී ඇත.














































