කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළ බව වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ප්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට පහරදුන් සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාරවලට වර්ජනයෙන් බාධාවක් නොවන බව සදහන්.