ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයට අද පස්වරු 2.30ට පමණ රිච්ටර් මාපක 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
අදාළ භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 201ක් (සැතපුම් 124.9 ක්) ගැඹුරු මුහුදේ සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්පනය දැනී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.















































