අධ්‍යාපන චාරිකාවක් ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ඊයේ (20) සවස හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට යන අතුරු මාර්ගයක දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
බස් රථයේ පිටුපස අසුනේ ගමන් කර ඇති සිසුවා ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී ඇති අතර එහිදී තුවාල ලැබු සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ නමුත් ජීවිතක්ෂයට පත්ව තිබේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.