යාපනය ඩිපෝවට අයත් බස් රථයකට ගොඩ වූ වාර ප්‍රවේශ පත්‍ර ලබා ගත් සිසුවෙකුට එම බස් රථයේ සිටි රිය සහයකයෙකු විසින් පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ සිසුවා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මේ දිනවල පාසල් වල වාර විභාගය පැවැත්වෙන නිසා කල් වේලා ඇතුව පාසලට යාමට අවශ්‍ය බව පවසමින් සිසුවා බස් රථයට ගොඩ වී ඇති අතර බස් රථයට ගොඩ වනවාත් සමගම කොන්දොස්තරවරයා සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා පහර දි ඇති බව සිසුවා ප්‍රකාශ තිබේ. එමෙන්ම පහර කෑමට ලක් වූ සිසුවා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ වෙනත් දිනවලදී බස් රථයෙ සේවය කරන කොන්දොස්තරවරයා පාසල් සිසුන්ට කිසිවක් නොකියා ප්‍රවේශ පත්‍ර සලකුණු කර සිසුන් පාසල වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව , කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන දාසය හැවිරිදි සිසුවෙකු බව සදහන් .














































