මස්කෙළිය ස්ට්‍රප්සි වත්තේ දේවකන්ද දෙමළ මහා විද්‍යාලයේ පරිගණක කාමරය කඩා රුපියල් 190,000 ක් වටිනා පරිගණක යන්ත්‍ර දෙකක් සොරා ගත් පාසලේම සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පාසලේ විදුහල්පතිවරයා විසින් ඊයේ (07) දින පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අදාළ පරිගණක දෙක සහ අදාළ සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එක් සිසුවෙක් එම පාසලේම 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර අනෙක් සිසුන් දෙදෙනා පාසල් හැර ගිය අවුරුදු 16 සහ 19 වයස්වල පසුවන සිසුන් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.














































