2023 G20 සමුළුව හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී පැවැත්වෙන බැවින් දිල්ලි අගනුවර ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාව, චීනය , මහා බ්‍රිතාන්‍ය , අමෙරිකාව, රුසියාව ඇතුළු රටවල් 19කින් සහ යුරෝපා සංගමයෙන් ද G20 කණ්ඩායම සමන්විත වන අතර එය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ආර්ථිකය ඇතුළු කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමිනි.
IMF හි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙන්ම රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිටත් ඉන්දියාව වෙත ළඟා වී තිබේ. ඒ අනුව සමුළුව පැවැත්වෙන ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ඊට සමගාමීව නව දිල්ලි අගනුවර පාසල් , බැංකු සහ රජයේ කාර්යාල වසා දමා ඇති අතර විශේෂිත ආරක්ෂණ වැඩ පිළිවෙළක් ද ස්ථාපනය කර තිබෙන බව සඳහන්.
එමෙන්ම දිල්ලි අගනුවර ආරක්ෂාව වෙනුවෙන් එහි නව මාර්ග නීති අද උදෑසන 5 සිට ඉරිදා මධ්‍යම රාත්‍රීය තෙක් බලපැවැත්වෙන බවත් , ප්‍රහාරක ජෙට් යානා ද යොදවා ඇති බවත් , නව දිල්ලි අගනුවර සහ අසල්වැසි ප්‍රාන්ත අතර සීමා තාවකාලිකව වසා දමා ඇති බවත් , කෘතිම බුද්ධිය ආශ්‍රයෙන් නිපදවූ විශේෂිත කැමරා ද යොදා ගෙන තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
කෙසේ වුවත් ගිලන් රථ ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා යොදා ගැනෙන රථ වාහන වලට එම කටයුතු වල නියැලීමේ අවස්ථාව ලබා දී තිබේ.
G20 සමුළුව වෙනුවෙන් බලාත්මක කර ඇති විශේෂිත ආරක්ෂක වැඩ පිළිවෙළට අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් යොදවා ඇති අතර CCTV කැමරා 5,000 ක් පමණ නගරය පුරා ස්ථාපනය කර තිබේ.















































