ඊයේ (30) දින දහවල් කාලයේදී පේරාදෙණිය පොලිස් වසමේ බිම්මල් කැලේ වන රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය පොලිසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය ,වන ජීවි නිලධාරින් ,ආපදා කලමනාකරණ නිලධාරින් හා වන සංරක්ෂණ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
ගින්න හේතුවෙන් වන රක්ෂිතයේ අක්කර 35ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ජීවිත හා වෙනත් දේපල හානි කිසිවක් නොමැති බව සදහන්.
මේ පිළිබඳව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































