හගුරන්කෙත ,දරාඔය ප්‍රදේශයේ ෆයිනස් කැලෑ කොටසක ඊයේ (22) හදිසි ගින්නක් ඇති වූ බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ ගින්න මැඩපවත්වන අවස්ථාවේ අක්කර 05ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි.
ගින්න ඇති වූ අවස්ථාවේදී කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බව සඳහන්.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































