2024 දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සටහන ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත්කර ඇති බව වාර්තා වේ.
එම තරගාවලිය 2024 ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වා පැවැත්වෙයි.
15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදී.
මෙම තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව C කාණ්ඩය යටතේ තරගවදින අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යි.
එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබයි.
එම කණ්ඩායම් 12 අනතුරුව කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ දෙකකට බෙදයි.
එහිදී A සහ B කාණ්ඩ වල කණ්ඩායම් 6 එක කොටසකටත් C සහ D කණ්ඩායම් අනෙක් කොටසටත් එක් කෙරෙයි.
මෙම වටයේදී ඒ ඒ කොටසේ කණ්ඩායම් තුන අතර තරග පැවැත්වෙන බව සදහන්.
එහිදී එක් කණ්ඩායමක් එක කොටසක තරග දෙකකට බැගින් තරග කරයි.
එම සුපිරි වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.













































