කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට අනුව හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගේ මුදල් පසුම්බියේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැදුනුම්පතක් සොයා ගත් බව වාර්තා වේ.
සැකකරු 30 හැවිරිදි අයෙක් වන අතර මෙවැනි හැදුනුම්පතක් සැකකරු සන්තකයට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන බව සඳහන්.














































