ඊයේ (01) දින සවස් කාලයේදී ඕපනායක පොලිස් වසමේ ඌරුබඩකන්ද ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඕපනායක පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වූ හත්තැල්ල ,ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද(02) දින බළංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































