ඊයේ (03) දින සවස් කාලයේදී කුඩාඔය පොලිස් වසමේ රණවරාවැව ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් ව්ශේෂ කාර්ය බලකා බුත්තල කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ කුඩාඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබඳව කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































