ඌරුතුඩාව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සැක සහිත යතුරුපැදියක් අද (22) උදෑසන සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට යොදා ගන්නට ඇති බවයි.
අගුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශණයේදී චැසි සහ එන්ජින් අංක මකා දමා ඇති මෙම යතුරුපැදිය සොයාගෙන තිබේ.
මෙම යතුරුපැදියේ සවි කර තිබූ ලියාපදිංචි අංක තහඩුව අනුව ඉදිරි විමර්ශණ කටයුතු අගුරුවාතොට පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































