ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායම සහ කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගයක් මේ වනවිට පැවැත්වෙමින් පවතී.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල අවුරා කණ්ඩායමට ආරාධනා කළ බව සදහන්.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස් කර තිබේ.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා කලම්බූ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 193ක ඉලක්කයක් හිමිව ඇති බව වාර්තා වේ.













































