නිවසක් බිඳ රන් භාණ්ඩ සොරාගත් තාක්ෂණ නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ගම්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නිවසක ජනේලය කඩා ඇතුළු වී එම නිවෙස් හිමි කාන්තාවගේ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අතර විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකුද සිටින බවට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධ විමර්ශන කටයුතු ගම්පොල පොලිසිය විසින් සිදුකරනු ලබන බව සදහන්.














































