පිලිපීනයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් තුළ දරුණු ගින්නක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත්තේ සේවකයන්ගේ නවාතැනක් ලෙස භාවිතා කළ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවත් , ගින්න හේතුවෙන් මේ වන විට 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් , මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් ය.
ගින්න සම්බන්ධයෙන් සැල වූ විගස ගිනි නිවන දෙපාර්තමේන්තුව සහ ගලවා ගැනීමේ කණ්ඩායම එම ස්ථානයට ගොස් විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ බව සඳහන්.















































