වියට්නාමයේ අගනුවර මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 56කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ගින්න හේතුවෙන් තවත් 37 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















































