ඉන්දියාවේ කාශ්මීරයේ හිමාල කඳුකරය ප්‍රදේශයේ සිඳු කළ ත්‍රස්ත ප්‍රහාරයකින් සෙබළුන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාව සහ මීදුම් සහිත කාලගුණයක් පවතින අවස්ථාවක හමුදා සාමාජිකයින් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් .















































